මහේෂ් තීක්ෂණ IPL ඉතිහාසයේ 20 වැනි පන්දුවාරයේ නිලකුණු පන්දුවාරයක් යැවූ පළමු පන්දු යවන්නා නොවේ!
2023 IPL T20 ක්‍රිකට් තරඟාවලිය අවසන් අදියර කරා ඇදී එද්දී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් දැක බලා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර දැඩි උනන්දුවක් පවතී. මෙම උද්යෝගයට වැඩි වශයෙන්ම හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකු වන මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමයි.
එවන් පසුබිමක, ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පසුගිය මැයි මස 20 වෙනිදා දිල්ලි කැපිටල්ස් සමඟ පැවති තරඟයේ 20 වැනි පන්දුවාරයේදී ක්‍රීඩයෙක් වාර්තා කළ මංගල IPL නිලකුණු පන්දුවාරය යැවූ පළමු සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමින් සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ප්‍රචලිත විය.
ඒ අනුව 2008 වසරේ සිට සමස්ත IPL ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමක 20 වැනි ඕවරයේදී නිලකුණු පන්දුවාරයක් යැවූ පළමු පන්දු යවන්නා බවට මහීෂ් තීක්ෂණ පත් වූ බව ෆේස්බුක් සටහන් කිහිපයකම මෙලෙස සඳහන් විය.
කරුණු නැවත පිරික්සමු.
ඇත්ත වශයෙන්ම පන්දුවාර විස්සයි20 (T20) ක්‍රිකට් තරගයකදී, පිතිකරණ කණ්ඩායම බොහෝ විට ලකුණු සංඛ්‍යාව වැඩි කරගැනීම සඳහා උපරිම ශක්තියෙන් උ 20 වැනි පන්දුවාරය ක්‍රීඩා කිරීම සමාන්‍යය කරුණකි. එබැවින්, T20 තරගයකදී, අවසන් ඕවරයේදී (20 වැනි ඕවරයේ) කිසිදු ලකුණක් නොදී පන්දු හයක් යැවීම පහසු නොවේ.
එසේ නම්, 20 වැනි පන්දුවාරයේ නිලකුණු පන්දුවාරයක් යැවූ පළමු IPL පන්දු යවන්නා වීමේ ඉතා දුර්ලභ දස්කම ලබා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූයේද?
නැත. මෙය අසත්‍යයකි.
මීට පෙර IPL පන්දු යවන්නන් හතර දෙනෙක් මහීෂ්ට පෙර 20 වැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙස යැවීමට සමත් වී තිබීම ඊට හේතුවයි.
ඉන් එක් අයෙක් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වීමද තවත් සුවිශේෂී කරුණකි.ලසිත් මාලිංග 2009 දී මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කරමින් විශිෂ්ට පන්දු යැවීම සිදු කළේය. මහීෂ් මෙන්ම මාලිංග ද සිය 20 වැනි පන්දුවාරය යවමින් කඩුලු දෙකක් දවා ගත්තේය.
මීට අමතරව, 20 වැනි පන්දුවාරයේදී නිලකුණු පන්දුවාරයක් යැවීමට සමත් වූ අනෙකුත් පන්දු යවන්නන් වන්නේ,
- ඉර්ෆාන් පතාන් - 2008 - කඩුලු නොමැතිව
- ලසිත් මාලිංග - 2009
- ජයිදේව් උනඩ්කටි - 2017 - හැට්ට්‍රික් එකක් ද ඇතුළත්
- උම්රන් මලික් - 2022 -කඩුලු 3 යි
එපණක් නොව මෙම ක්‍රීඩකයින් හතර දෙනාගෙන් තිදෙනෙකුම ඉන්දියානුවන් වීම තවත් සිත්ගන්නා සුළු කරුණකි. ඒ අනුව ලසිත් මාලිංගගෙන් පසුව 20 වැනි ඕවරය කිසිදු ලකුණක් නොදී යැවූ දෙවැනි විදේශීය පන්දු යවන්නා බවට මහීෂ් තීක්ෂණ සමත් වූ බව සැබෑ ලෙසම අපට පෙන්වා දිය හැක.
එමෙන්ම මහීෂ්ට පෙර IPL තරඟාවලියේ 20 වැනි පන්දුවාරය ලබා ගත් සියලුම පන්දු යවන්නන් වේග හෝ මධ්‍යම වේග පන්දු යවන්නන් වන බැවින් මෙම දුර්ලභ දස්කම කළ පළමු දඟ පන්දු යවන්නා වන්නේද මහීෂ් තීක්ෂණ ලෙසද පෙන්වා දිය හැකිය.
ලසිත් මාලිංග සහ උම්රාන් මලික් පළමු ඉනිමේ පන්දු යවන විට ඔවුන්ගේ මංගල 20 වැනි ඕවරය යැවූ අතර එය වඩාත් අභියෝගාත්මක විය. නමුත් මහේෂ් මෙන්ම ඉර්ෆාන් පතාන් සහ ජයිදේව් උඩකට් දෙවැනි ඉනිමේදී මෙම පන්දු යැවීම සිදු කරන ලදී.
ඒ අනුව තවදුරටත් විසතර කරන්නේ නම් IPL ඉතිහාසයේ 20 වැනි පන්දුවාරය එකදු ලකුණක් හෝ නොදී යැවූ ලොව එකම පන්දු යවන්නා බවට මහීෂ් තීක්ෂණ පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පෝස්ට් අසත්‍ය බව මෙම විමර්ශනයෙන් පෙනී යයි.
පන්දු යවන්නන් සිවුදෙනකු මහීෂ්ට පෙර මෙම දුර්ලභ දස්කම සිදු කළේය. ඒ අතර මහීෂ්ට සමාන දස්කමක් දැක්වූ ලසිත් මාලිංග 20 වැනි ඕවරයේදී කිසිදු ලකුණක් නොදී කඩුලු 2ක් දවා ගනිමින්. අනෙක් තිදෙනා ඉන්දීය වේගපන්දු යවන්නන් වූහ.
මේ අනුව IPL ඉතිහාසයේ 20 වැනි ඕවරයේදී මංගල පන්දු යැවීමක නිරත වූ පස්වැනි ක්‍රීඩකයා වන්නේ මහේෂ් තීක්ෂණ. කෙසේ වෙතත් මෙම දුර්ලභ දස්කම් දැක්වූ පළමු දඟ පන්දු යවන්නා ඔහුයි.
මූලාශ්‍ර වෙබ් අඩවි
- https://m.batsman.com:444/article/80d7c250-0bfc-4c76-90b2-d66c863378b8
- https://srilanka.factcrescendo.com/english/maheesh-theekshana-is-not-the-first-bowler-to-bowl-a-maiden-in-the-20th-over-in-ipl-history/
Post a Comment