චීනයත් පියාඹන්න සැරසෙයි..🇨🇳


චීනය විසින් ප්‍රථම වරට නිෂ්පාදිත ඔවුන්ගේ පළමු වාණිජ  මගී ගුවන් යානය ඊයේ එනම මැයි (23) වන දින එහි පළවෙනි ගමන සම්පූර්ණ කළා. මේ ගුවන් යානය හඳුන්වා දී තියෙන්නේ Comac #C919 ලෙස යි.





ලෝකයේ වාණිජ ගුවන් යානා හදන ප්‍රධානතම සමාගම් දෙකක් ප්‍රධාන වශයෙන් දැක ගත හැකි අතර ඒවා නම්, 

  • ඇමෙරිකාවේ බෝයිං සමාගම. 
  • යුරෝපයේ එයාර්බස් සමාගම. 

වර්තමානය බහුල වශයෙන් ගෝලීයව භාවිතා කරන ගුවන් යානා වලින් 95% ක් පමණ නිෂ්පාදනය කරනුයේ මෙම සමාගම් දෙක විසිනි. 

එමෙන්ම  ඇන්ටනොව් වැනි රුසියානු යානා සහ තවත් ප්‍රාදේශීය වශයෙන් භාවිතා වන යානා  කිහිපයක් දැකිය හැකි නමුත් ඒවා ගෝලීය වශයෙන් භාවිතා වන්නේ ඉතා අල්ප වශයෙනි. 






ඒ අනුව ඊට තරඟකාරීව චීනය විසින් නිෂ්පාදනය කරන ලද  එවන් පළවෙනි යානය ලෙස මෙය පෙන්වා දිය හැක. 



ඒ අනුව මෙම යානය මගීන් 137 ක් පටව ගෙන ෂැන්හායි සිට බේජිං දක්වා සිය මංගල වෙළඳ ගමන සාර්ථකව නිම කළ අතර ඒ අනුව වර්තමානය වන විට ලෝක ගුවන් ගමන් වෙළෙඳපොළට අලුත් තරඟ කරුවෙක් ඉදිරිපත් වී ඇති බව පෙන්වා දිය හැක. 



කෙසේ වෙතත් මෙම යානය තවමත්  චීනය තුළ අභ්‍යන්තර ගුවන් කටයුතු සඳහා (domestic line)  භාවිතා කිරීමට අපේක්ෂා කරන අතර පසුව  අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ජාත්‍යන්තර වශයෙන් ගුවන් ගමන් කටයුතු සඳහා භාවිතා කිරීමට අපේක්ෂා කරයි. ඒ අනුව මෙහිදී පැවසිය හැක්කේ නව ලෝක බලවතා ලෙස විශාල රාජ්‍යයක් ගොඩ නැගෙන බවයි. 


- කාවින්ද විදුරංග -


තවදුරටත් විමසුමට...

https://youtu.be/xxsBWy31SMw

http://english.comac.cc/products/WideBody/






 





No comments

Note: only a member of this blog may post a comment.