හර්ෂිත්ගේ ලෝක වාර්තාව ❤.

ලෝක සිතියම ලකුණුකර අවුරුදු පහේ හර්ෂිත් ලෝක වාර්තාවක් තබයි.... ====================================
ලෝකයේ රටවල් 195ක් එහි අගනුවර ද සමඟ විනාඩි 4යි තප්පර 16ක් වැනි කෙටි කාලයකින් ලෝක සිතියමක ලකුණු කර නුවරඑළියේ අවුරුදු 5ක් වයසැති කලානේෂන් හර්ෂිත් දරුවා රටවල් 24ක ක්‍රියාමත්මක වන “චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ්” හි ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ සෞම්‍ය ශ්‍රවණාගාරයේ දී ඉකුත් දා (25) මෙම ලෝක වර්තාව පිහිටුවීමට මෙම දරුවා සමත් වුණා. තවමත් පෙරපාසල් අධ්‍යාපනය ලබන මෙම දරුවා මේ රටවල් සහ අගනුවර ඉංග්‍රීසි භාෂාවෙන් නම් කළා වසර 03 ක කාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන "චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්" ලෝක වාර්තා පොතෙහි නුවරඑළිය දිස්ත්‍රික් සීමාව හා නගර සීමාව තුළ වාර්තාවක් පිහිටුවූ පළමු පුද්ගලයා ලෙස ද වයස අවුරුදු 5ක් වූ කලානේෂන් හර්ෂිත් බවත් "චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්" ආයතනයේ නිලධාරින් අනාවරණය කරා.. මෙහි දී ලෝක වාර්තාවක් පිහිටවූ කලානේෂන් හර්ෂිත් දරුවාට ඔහු විසින් පිහිටවනු ලැබූ ලෝක වාර්තාව සඳහා වන සහතිකය, සම්මානය හා පදක්කම පිරිනැමීම "චෝලන් බුක් ඔෆ් වර්ඩ් රෙකෝඩ්" ජාත්‍යන්තර ආයතනය නියෝජනය කරමින් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රධාන සම්බන්ධීකාරක පෙරුමාල් නීලමේගම් මහතාගේ හා ශ්‍රී ලංකා ප්‍රධානි යෝගදාසන් ජූඩ් නිමලන් මහතා අතින් පිරිනැමිණ.
(උපුටාගැනීම hirunews web)

3 comments:

Note: only a member of this blog may post a comment.